අයිස් ග්‍රෑම් 25ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු සහ අයිස් ග්‍රෑම් 05ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය (05) වන දින අත්අඩංගුවට ගෙන ඇත.
මරදාන සහ කොටහේන ප්‍රදේශවල පදිංචිකරුවන් වන 21 හා 25 වන වියේ පසුවන සැකකරුවන් කොම්පඤ්ඤවීදිය යූනියන් පෙදෙසේදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකුගේ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ සමීපතමයන් දෙදෙනෙකු බවටත්, 2025.04.29 දින පානදුර හිරණ ප්‍රදේශයේ වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ අපරාධයට ගිනිඅවියක් සහ වෑන් රථයක් ලබා දී ඇති බවටත් පොලීසිය විසින් සිදුකල වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වී ඇත.
සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.