හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 800 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (06) දින අත්අඩංගුවට ගෙන ඇත.
මොරටුමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 54 වන වියේ පසුවන සැකකරු මොරටුව මුරවත්ත ක්‍රීඩා පිටිය ආසන්නයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මොරටුව පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.