අයිස් ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 200ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, කොටහේන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (21) දින අත්අඩංගුවට ගෙන ඇත.
කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 25 වන වියේ පසුවන සැකකරු කොටහේන පරමානන්ද මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
කොටහේන පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත කොටහේන පරමානන්ද මාවත ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොටහේන පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.