අයිස් ග්‍රෑම් 01 මිලිග්‍රෑම් 800ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, නුවරඑලිය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් පසුගිය (04) දින අත්අඩංගුවට ගෙන ඇත.
නුවරඑලිය කටුමාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 46 වන වියේ පසුවන සැකකරු කටුමාන රෝස් ගාර්ඩන් ප්‍රදේශයේ ලැගුම්හලකදී අත්අඩංගුවට ගෙන ඇත.
නුවරඑලිය පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුගෙන් සිදුකල වැඩිදුර ප්‍රශ්ණ කිරීම් වලින් පසු අයිස් ග්‍රෑම් 50ක් සන්තකයේ තබාගෙන සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ (05) දින අත්අඩංගුවට ගෙන ඇත.
අවිස්සාවේල්ල සහ දිවුලපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් වන 36 වන වියේ පසුවන මෙම සැකකරුවන් කටුමාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නුවරඑලිය පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.