ඊයේ (05) දින අලුයම් කාලයේ රාගම ගනේ පාර ප්‍රදේශයේදී ආයුධ කිහිපයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර තිබියදී සොයාගෙන ඇත.
මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ 53 වන වියේ පසු වූ රාගම ගනේ පාර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
ඝාතනයට ලක් වූ පුද්ගලයා ඊට පෙර දින (04) රාත්‍රියේ නිවසින් පිටව ගොස් ඇති අතර පසුදා අලුයම නිවස ඉදිරිපස මාර්ගයේ තුවාල සහිතව මියගොස් සිටියදී සොයාගෙන ඇත. එම ස්ථනයේ තිබී කැඩී ගිය පොලු කැබලි සහ යකඩ මිට සහිත විසිකැත්තක් හමු වී ඇති අතර එම ආයුධ වලින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බව මෙතෙක් සිදුකල පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.
මෙම ඝාතනයට හේතුව හා අදාල සැකකරුවන් මෙතෙක් අනාවරණය වී නැත.
මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන රාගම පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.