හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 370ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක්, මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (02) දින අත්අඩංගුවට ගෙන ඇත.
මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරියක වන 44 වන වියේ පසුවන සැකකාරිය මොරටුව කොරළවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මොරටුව පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.