අයිස් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 500ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු සහ හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 350ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (02) දින අත්අඩංගුවට ගෙන ඇත.
මොරටුව සහ මඩපාත ප්‍රදේශවල පදිංචිකරුවන් වන 35 සහ 38 වයස් වල පසුවන සැකකරුවන් රත්මලාන දුම්රියපල සහ ගල්කිස්ස දුම්රියපල අසලදී අත්අඩංගුවට ගෙන ඇත.
ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීම් දෙකකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.

