ඊයේ (02) දින රාත්‍රී කාලයේ සීගිරියේ කිඹිස්ස, හේන්වලයාගම ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගී වීමට පැමිණ සිටි පුද්ගලයකුට තවත් පුද්ගලයකු විසින් තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා කිඹිස්ස රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.
මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ 55 වන වියේ පසු වූ කිඹිස්ස, හේන්වලයාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
ඝාතනයට ලක් වූ පුද්ගලයා සහ ඝාතනය සිදුකල සරකකරු අතර කලක පටන් පැවති පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව මෙතෙක් සිදුකල පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.
ඝාතනය සිදුකල සැකකරු තවමත් අත්අඩංගුවට ගෙන නොමැත.
මෘත ශරීරය කිඹිස්ස රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සීගිරිය පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.