ඊයේ (01) දින ගල්කිස්ස හුලුදාගොඩ ප්‍රදේශයේ පාලු ඉඩමක තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර තිබීමේ සිද්ධියට අදාලව ගල්කිස්ස පොලීසිය සිදුකල විමර්ශන අනුව එම සිද්ධියට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවකු අද (02) අලුයම් කාලයේදී අත්අඩංගුවට ගෙන ඇත.
ගල්කිස්ස ශාන්ත රීටා පාර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 52 වන වියේ පසුවන සැකකරුවකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.

