කතරගම පෙරගිරිගම ප්‍රදේශයේ මාර්ගයක් අසල තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබියදී ඊයේ (01) දින සොයාගෙන ඇත.
මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ 45 වන වියේ පසු වූ පෙරගිරිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
ඝාතනයට ලක් වූ කාන්තාව සහ ඇයගේ අනියම් පුරුෂයා අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් අනියම් පුරුෂයා විසින් මෙම කාන්තාවට තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව මෙතෙක් සිදුකල පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර අනියම් පුරුෂයා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු 40 වන වියේ පසුවන පුද්ගලයෙකි.
මෘත ශරීරය හම්බන්තොට රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කතරගම පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.