අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 800ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක්, රාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (30) දින අත්අඩංගුවට ගෙන ඇත.
මහරනුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක වන 31 වන වියේ පසුවන සැකකාරිය මහරනුගේගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
රාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන රාගම පොලිසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.