2020.08.25 වන දින කොළඹ ජාතික රෝහලේ රථ ගාලේ නවතා තිබූ රුපියල් එක් කෝටි හැටපන් ලක්ෂයක් (රු.16,500,000) පමණ වටිනා ජීප් රථයක් සොරකම් කිරීම සහ 2023.12.18 වන දින වාහනයක් ලබාදෙන බවට පවසා රුපියල් එක් කෝටි විසිපන් ලක්ෂයක (රු.12,500,000) මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් විමර්ශන අරඹා තිබූ අතර මේ වන විට සැකකරු හඳුනා ගැනීමට හැකිව ඇත.
නම – රෆික් මොහොමඩ් ෆාරික්
ජා.හැ. අංකය – 761850466V
උපන් දිනය – 1976.07.03
මෙම සැකකරු ව්‍යාජ නම් කිහිපයක් භාවිත කරමින් ප්‍රදේශ කිහිපයක සිදු කරන ලද අපරාධ රැසකට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති අතර මොහුට භාෂා කිහිපයක් හැසිරවීමට හැකියාවක් ඇති බවත්, මොහු ගමන් කරන වාහන වල රාජ්‍ය නිල ලාංඡන ප්‍රදර්ශනය කරමින් ගමන් කරන බවටද තොරතුරු අනාවරණය කර ගෙන ඇත.
සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියට මහජන සහය අවශ්‍යව ඇත.
සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය සහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ස්ථානාධිපති, කොළඹ අපරාධ කොට්ඨාසය – 071-8591735
ස්ථානාධිපති, විමර්ශන ඒකක 05 – 071-8596507