අයිස් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 200ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, කොළඹ උතුර අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් පිරිසක් විසින් පසුගිය (27) දින අත්අඩංගුවට ගෙන ඇත.
හුරීගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 28 වන වියේ පසුවන සැකකරු මෝදර කාලි කෝවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ උතුර අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන මෝදර පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
මොහු පසුගිය 24 වනදා දෙහිවල ප්‍රදේශයේදී සිදු වූ ත්රිරෝදරථ සොරකමකට අදාල සැකකරු බවට පොලීසිය විසින් සිදුකල වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වී ඇති අතර සොරකම් කරන ලද ත්රිරෝදරථයද පොලීසිය විසින් සොයාගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෝදර පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.