අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14 මිලිග්‍රෑම් 60ක්, හෙරොයින් ග්‍රෑම් 22 මිලිග්‍රෑම් 220ක් සහ හෙරොයින් ග්‍රෑම් 13 මිලිග්‍රෑම් 320ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් තිදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් පසුගිය (27) දින අත්අඩංගුවට ගෙන ඇත.
බොරලැස්ගමුව සහ කැලණිය ප්‍රදේශවල පදිංචිකරුවන් වන 26,47 සහ 49 වන වයස්වල පසුවන සැකකරුවන් තොටලඟ සහ කැලණිය ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වෙත ලද තොරතුරු මත සිදුකළ වැටලීම් 3කදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.