හෙරොයින් ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 200ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, මන්නාරම කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (04) දින අත්අඩංගුවට ගෙන ඇත.
උප්පුකුලම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 22 වන වියේ පසුවන සැකකරු මන්නාරම පුදුකේරු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මන්නාරම කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන මන්නාරම පොලීසිය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මන්නාරම පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.