ඊයේ (03) දින පස්වරුවේ හික්කඩුව කුමාරකන්ද ප්රදේශයේ පිහිටි වෙළඳ සංකීරණයේ සිදු වූ වෙඩිතැබීමකින් එහි රෙදිපිළි වෙලඳසැලක හිමිකාර යුවලකට බරපතල තුවාල සිදු වී ඇති අතර ඉන් පිරිමි පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
දොඩන්දූව ප්රදේශයේ පදිංචිකරුවකු වූ 61 වියේ පසුවූ පෙත්තා යක්දෙහිගේ කීර්තිවංශ නැමැති පුද්ගලයෙකු මෙසේ මරණයට පත් වී ඇති අතර ප්රහාරයට ලක් වූ ඔහුගේ බිරිඳ වන ශර්ලි ඇන්ජෙලා වන්නකුකෝරාල නම් 54 වන වියේ පසුවන කාන්තාවගේ තත්වයද බරපතල බවට වාර්තා වේ.
වෙඩි තැබීම සඳහා ටී.56 වර්ගයේ ගිනි අවියක් යොදාගෙන ඇති අතර වෙඩිතැබීම සඳහා සැකකරුවන් කලු පැහැති යතුරුපැදියකින් පැමිණ ඇති බවට වාර්තා වේ.
මෙම යුවල, 2017 මැයි 23 දින හික්කඩුව ප්රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී වෙඩි තබා ඝාතනය කරන ලද සජිත් ගිහාන් කීර්තිවංශ නැමැති පුද්ගලයාගේ දෙමාපියන් බවට අනාවරණය වී ඇත.
වෙඩි තැබීමට හේතුව හා වෙඩිතබා පලාගිය සැකකරුවන් මෙතෙක් අනාවරණය වී නැත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන හික්කඩුව පොලීසිය විසින් සිදුකරනු ලබයි.