හෙරොයින් කිලෝ 01ක් සන්තකයේ තබාගෙන යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකු, මතුගම පොලිස් ස්ථානයේ නිලධාරීන් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (03) දින අත්අඩංගුවට ගෙන ඇත.
අඟලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 42 වන වියේ පසුවන සැකකරු මතුගම පොළ පිටුපස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මතුගම පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මතුගම පොලිසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.