පසුගිය මාර්තු 24 වැනිදා මොරටුව ප්‍රදේශයේ විවෘතව තිබූ දොරකින් නිවසකට ඇතුලු වී එම නිවසේ තිබූ රු.639,000ක මුදලක් සොරාගැනීමකට සම්බන්ධ කාන්තාවන් තිදෙනෙකු මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (03) දින අත්අඩංගුවට ගෙන ඇත.
කොරළවැල්ල හා මොරටුවැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වන 33 සහ 47 වයස් වල පසුවන සැකකාරියන් මොරටුව කොරළවැල්ල හා මොරටුවැල්ල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.
මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සැකකාරියන් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකාරියන් විසින් සොරකම් කරන ලද දේපල වලින් කොටසක්ද පොලිස් භාරයට ගැනීමට පොලීසිය සමත්ව ඇත.
සැකකාරියන් සම්බන්ධයෙන් වැඩිදුර මොරටුව පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.