අයිස් ග්‍රෑම් 50 මිලිග්‍රෑම් 260ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රු.51,000ක මුදලක් හා ඉලෙක්ට්‍රොනික් තරාදියක් සමඟ කොළඔ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (01) දින අත්අඩංගුවට ගෙන ඇත.
මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 40 වන වියේ පසුවන සැකකරු මුල්ලේරියාව කැලණි නදී මාවතේදී අත්අඩංගුවට ගෙන ඇත.
කොළඔ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඔ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.