අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 240ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (31) දින අත්අඩංගුවට ගෙන ඇත.
කාත්තන්කුඩි 06 ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 44 වන වියේ පසුවන සැකකරු කාත්තන්කුඩි 06 ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කාත්තන්කුඩි පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.