අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 500ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, කලුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (31) දින අත්අඩංගුවට ගෙන ඇත.
මතුගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 38 වන වියේ පසුවන සැකකරු මතුගම කරම්පෑතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
කලුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කලුතර අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.