හෙරොයින් ග්‍රෑම් 08 මිලිග්‍රෑම් 50ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, අවිස්සාවේල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (30) දින අත්අඩංගුවට ගෙන ඇත.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 39 වන වියේ පසුවන සැකකරු අවිස්සාවේල්ල රංවල පහන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
අවිස්සාවේල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අවිස්සාවේල්ල පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.