ඊයේ (14) රාත්‍රියේ අම්බලංගොඩ – අහුංගල්ල පොලිස් වසමට අයත් වැලිකන්ද ප්‍රදේශයේ නිවසකට පැමිණි පුද්ගලයෙකු,එහි සිටි කාන්තාවකට වෙඩි තැබීමට උත්සාහ කර ඇතත් ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙඩි තැබීම ව්‍යාර්ථ වී තිබේ.
සිද්ධිය වන අවස්ථාවේදී අදාළ නිවසේ එම කාන්තාව පමණක් සිට ඇති අතර, කිසියම් පුද්ගලයෙකු පැමිණ දොරට තට්ටු කිරීමත් සමඟ ඇය දොර විවෘත කර ඇත.
ඒ ක්ෂණයකින් ක්‍රියාත්මක වූ අදාළ පුද්ගලයා ඇයට වෙඩි තැබීමට උත්සාහ කර ඇතත් ගිනිඅවිය ක්‍රියාත්මක වී නොමැත.
පසුව වෙඩික්කරු එම ස්ථානයෙන් පලා ගොස් ඇති බව පොලීසිය සඳහන් කරන ලදි.
මෙලෙස දිවි ගලවාගත් අදාළ කාන්තාව මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදීම බන්ධනාගාරගතව සිටි ලියන ගමගේ අනෝමා හෙවත් ‘කුඩු නෝනි‘ නැමැති කාන්තාවයි.
සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.


