ඊයේ (14) දින රාත්රියේ කොටහේන නගරයේදී තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් බරපතළ තුවාල ලැබූ තරුණයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 18ක් වූ වැල්ලම්පිටිය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.
සැකකරුවන් හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා කොටහේන පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.


