දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය ගැන තොරතුරු රැසක් හෙළිකර ගැනීමට පොලීසිය සමත්ව ඇත.
සිද්ධිය පිළිබඳ සිදුකළ විමර්ශනවලින් පොලීසිය අනාවරණ කරගෙන තිබුණේ සංවිධානාත්මක අපරාධකරුවන් වන බඩෝවිට අසංක සහ කුඩු අවිශ්කගේ පාර්ශ්ව අතර ආරවුලක් මෙම අත්බෝම්බ ප්‍රහාරයට හේතුවී ඇති බවය.
එමෙන්ම බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි සැකකරු සහ ත්‍රිරෝද රථයේ රියදුරුගේ දුරකථන දත්ත ඔස්සේ ද තොරතුරු රැසක් අනාවරණ කරගැනීමට පොලීසියට හැකිව තිබේ.
තවද මේ බෝම්බ ප්‍රහාරය එල්ල කිරීම සඳහා සැකකරුවන් නැදිමාල ආසිරි මාවත ප්‍රදේශයේ සිට ත්‍රිරෝද රථයෙන් පිටත්වන ආකාරය දැක්වෙන ක්‍ක්‍ඔඪ දර්ශන ද හමුව ඇත.
පොලීසිය පැවසුවේ, අවිශ්කගේ සමීපතමයෙක් වන කොස්මල්ලී නම් අපරාධකරුගේ මාමා සහ ගෝලයෙකු මෙම ප්‍රහාරය මෙහෙයවා ඇති බවට සැකකරන බවය.
සැකකරු දෙහිවල වනරතන පෙදෙසේ පදිංචිකරුවෙකු වන අතර ඔහු සොයා මේ වනවිට පොලිස් කණ්ඩායම් කිහිපයක් ඔස්සේ විමර්ශන ක්‍රියාත්මකව පවති.
සැකකරු අවිශ්කගේ පාර්ශ්වයේ ප්‍රධාන කුලී ඝාතකයා බවට ද පොලීසිය සැකපළ කරයි.
පසුගිය දිනවල ගල්කිස්ස හා දෙහිවල ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම්වලට සැකකරු සම්බන්ධ වී ඇති බව පොලීසිය සඳහන් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ ඍජු අධීක්ෂණයෙන් පොලිස් කණ්ඩායමක් සහ බස්නාහිර දකුණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම් 3ක් විසින් පරීක්ෂණ සිදුකරනු ලැබේ.
ඒ අනුව අදාළ අත්බෝම්බ ප්‍රහාරය එල්ල කිරීම සඳහා අපරාධකරුවන් පැමිණි ත්‍රීරෝද රථය වර්ණ වෙනස් කිරීම සඳහා ගරාජයකට ලබාදුන්නේ යැයි සැකකරන පුද්ගලයෙකු සහ එම ගරාජයේ හිමිකරු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (14) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.
එම ත්‍රිරෝද රථය කළුතර නාගොඩ ප්‍රදේශයෙන් සොරාගෙන ඇති බවත්, පසුව දෙහිවල නැදිමාල ප්‍රදේශයේ ගරාජයකදී එහි වර්ණය වෙනස්කර ඇති බවත් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ගමගේ මහතාට අනාවරණය වී තිබේ.
එම ගරාජයේ හිමිකරු වන 36 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ අනුවය.
එමෙන්ම ගරාජයට තීරෝද රථය ගෙනආ පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර අත්බෝම්බය නිවස තුළට විසිකළ සැකකරු සහ ත්‍රිරෝද රථයේ රියදුරුද පොලිසිය විසින් හඳුනාගනු ලැබ ඇති අතර ඔවුන් මේවනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව වාර්තා වේ.
නිවසට අත්බෝම්බය එල්ල කළ බවට සැකකරන තැනැත්තා අත්තිඩිය මන්ත්රීමුල්ල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙකි.
එම සැකකරු ගල්කිස්ස පොදු සූසාන භූමියේ මුරකරු ලෙස කටයුතු කළ සංවිධානාත්මක අපරාධකරුවකු වන සැන්ඩෝ නැමැත්තාගේ පියාට වෙඩි තැබීම සඳහා පැමිණි වෙඩික්කරුවන්ට නවාතැන් පහසුකම් සපයා දී ඇති බවත්, අගෝස්තු 01 වනදා කුඩු අංජු නැමැත්තාගේ මුදල් අයකැමියා ඝාතනය ද මොහු සිදුකර ඇති බවත් අනාවරණය වී තිබේ.


