පසුගිය 01 වනදා රත්මලාන කඳවල හන්දිය ආසන්නයේදී වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබා දුන් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (13) දින ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දෙහිවල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 41 හා 48 වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
නිලධාරීන්ට ලද තොරතුරක් මත එක් සැකකරුවකු රත්මලාන ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 22ක් සමග අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු එදිනම දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් විසින් ඝාතනයට අදාල ගිනි අවි ප්‍රවාහනයට සහ වෙඩික්කරුවන්ට සැගව සිටීමට ආධාර අනුබල දී ඇති බවට අනාවරණය වී ඇති අතර මේ පිලිබඳ වාඩිදුර විමර්ශන ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් සිදු කරනු ලැබේ.


