ඊයේ (13) රාත්රීයේ කැස්බෑව මඩපාත ප්රදේශයේ කාන්තාවක් තියුණු ආයුධයකින් සිදුකල පහරදීමක් හේතුවෙන් ඝාතනයට ලක්ව තිබේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 23ක් වූ පොල්හේන ප්රදේශයේ පදිංචි කාන්තාවකි.
මියගිය කාන්තාව හා ඇගේ ස්වාමිපුරුෂයා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් ස්වාමිපුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශන වලදී අනාවරණය වී ඇත.
මෘත ශරීරය කලුබෝවිල රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සැකකරුද අත්අඩංගුවට ගෙන ඇත. කැස්බෑව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්රියාත්මක කරනු ලැබේ.


