තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී සිරුර හමු වූ භෞත චිකිත්සකවරියගේ මරණයට සම්බන්ධ බව කියන ඇගේ පෙම්වතා විවාහකයෙකු බවට මේ වන විට අනාවරණය වී තිබේ.
ඔහු 38 හැවිරිදි මහනුවර,ගන්නොරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට මුලින් තොරතුරු අනාවරණය වුවද ඔහුගේ සැබෑ පදිංචිය කුරුණෑගල නාරම්මල ප්‍රදේශය බවට විමර්ශන මගින් හෙළි වී ඇත.
සැකකරු කාන්තාවන් සහ තරුණියන් සමග සම්බන්ධතා පවත්වමින් ඔවුන්ගේ මුදල් වංචා සිදු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ දිවයිනේ විවිධ ප්‍රදේශ වල පොලිස් ස්ථාන වල පැමිණිලි මෙන්ම අධිකරණ වල නඩු ද පවතින බව අනාවරණය වී ඇත.
තට්ටය සහිත පුද්ගලයෙක් වන මොහු බොරු කොණ්ඩයක් දමා මෙලෙස කාන්තාවන් සුක්ෂම ලෙස රවටා ඇති බවයි අනවරණය වී ඇති බවද එසේම මොහු පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයෙකු බවට වාර්තා පළවුවද එය අසත්‍යක් බවයි විමර්ශන වලදී අනාවරණය වී ඇත.
17වනදා පස්වරුවේ මෙම භෞත චිකිත්සකවරියගේ මළ සිරුර තෙල්දෙණිය රෝහල අසල නවතා තිබූ මෝටර් රථයක තිබී හමු වූ අතර එම මෝටර් රථයද සැකකරු සම්බදතා පවත් වූ කාන්තාවකට අයත් බවට හෙළි වී ඇත.
ඇගෙන් ද පොලීසිය මේ වන විට ප්‍රකාශයක් ලබා ගෙන තිබේ.
එමෙන්ම අදාළ තරුණිය සිය පෙම්වතා සමග කැනඩාවට යෑමේ අපේක්ෂාවෙන් රුපියල් කෝටි එකහමාරක පමණ මුදලක් බැංකුවකින් හා පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් පොලී මත ලබාගෙන පෙම්වතාට ලබාදී තිබෙන බවද විමර්ශනවලදී හෙළිව තිබේ.
සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකගේ සහ නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේ මෙහෙයවීම යටතේ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇත.


