අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 43 මිලිග්‍රෑම් 510ක් සහ ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 350ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු, කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (27) දින අත්අඩංගුවට ගෙන ඇත.
වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන 26 හා 27 වයස්වල පසුවන සැකකරුවන් පෑලියගොඩ දිප්පිටිගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.