හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 200ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක, වැල්ලම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (26) දින අත්අඩංගුවට ගෙන ඇත.
කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිකාරියක වන 59 වන වියේ පසුවන සැකකාරිය වැල්ලම්පිටිය සිංහපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
වැල්ලම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වැල්ලම්පිටිය පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.