හෙරොයින් ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 400ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (26) දින අත්අඩංගුවට ගෙන ඇත.
කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 60 වන වියේ පසුවන සැකකරු පෑලියගොඩ කලු පාලම අසලදී අත්අඩංගුවට ගෙන ඇත.
පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පෑලියගොඩ පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.