අයිස් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 100ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, මොරගහහේන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (26) දින අත්අඩංගුවට ගෙන ඇත.
ගෝනපල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 35 වන වියේ පසුවන සැකකරු මොරගහහේන දික්බැද්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මොරගහහේන පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මොරගහහේන පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.