අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 470ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, ජංගම දුරකථනයක් හා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රු.12,500ක මුදලක්ද සමඟ තණමල්විල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (26) දින අත්අඩංගුවට ගෙන ඇත.
සූරියආර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 23 වන වියේ පසුවන සැකකරු තණමල්විල මහවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
තණමල්විල පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තණමල්විල පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.