අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 196ක් සහ හෙරොයින් ග්‍රෑම් 686ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (26) දින අත්අඩංගුවට ගෙන ඇත.
ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 43 වන වියේ පසුවන සැකකරු ගල්කිස්ස සේරම් පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලීසිය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.