මිරිහාන ප්‍රදේශයේ සිදුවූ ගෙවල් බිඳ දේපල සොරාගැනීමකට සම්බන්ධ පුද්ගලයෙකු බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (25) දින අත්අඩංගුවට ගෙන ඇත.
මිරිහාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 45 වන වියේ පසුවන සැකකරු මිරිහාන උඩහමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මිරිහාන ප්‍රදේශයේ අපරාධ නිවාරණ රාජකාරියේ යෙදී සිටි බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
පසුව සිදුකල වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී මෙම සැකකරු මිරිහාන ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන දෙකක් බිඳ දේපල සොරකම් කිරීමේ අපරාධයකට පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවකු බවට අනාවරණය වී ඇත.
සැකකරු විසින් සොරකම් කරන ලද විදුලි පංකා 13ක්, ගෑස් ලිප් 05ක්, රයිස් කුකර් 14ක්, බ්ලෙන්ඩර් 17ක්, විදුලි ස්ත්‍රික්ක 08ක්, ප්‍රෙෂර් කුකර් 03ක්, විදුලි කේතල් 07ක් ඇතුලු විදුලි උපකරණ තොගයක් පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.