අයිස් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 450ක් සහ ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 300ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු, තලංගම පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (25) දින අත්අඩංගුවට ගෙන ඇත.
අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන 23 සහ 41 වයස් වල පසුවන සැකකරුවන් තලංගම එකමුතු මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
තලංගම පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තලංගම පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.