අද (21) දහවල් ගන්දර පොලිස් වසමේ දෙවුන්දර ප්‍රදේශයේ, සුපිරි වෙළඳසැලක් අසලදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ ‘ඩිලයිට්‘ නමින් හැඳින්වෙන 55 හැවිරිදි මාළු ව්‍යාපාරිකයෙකුට බව සඳහන් වේ.
අළු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබේ.
පුද්ගලයින් දෙදෙනෙකු විසින් මි.මී. 9 වර්ගයේ ගිනිඅවි දෙකකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සැක පල කර තිබේ.
මෙම ඝාතනයට ලකු වූ පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකුට සැක පලකරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.

