පසුගිය 13 වනදා තලංගම අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය ගාල්ල අගලිය, කුට්ටියාවත්ත අතුරු මාර්ගයක තිබියදී සොයා ගැනීමට නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබේ.
නීතිඥ බුද්ධික මල්ලවආරච්චි මහතා සහ ඔහුගේ බිරිඳ ඝාතනයට පැමිණි බව කියන මෙම මෝටර් රථයක ගාල්ල අගලිය ප්රදේශයේ දමා ගොස් ඇති බවට ලද තොරතුරක් අනුව පොලීසිය එම ස්ථානයට ගොස් ඇති අතර මෝටර් රථය සොයා ගන්නා අවස්ථාවේදීත් එය ගිනි ගනිමින් තිබී ඇත.
මෙම ඝාතනය විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජයලත් සිල්වා නොහොත් කරන්දෙණියේ සුද්දා නැමැති අපරාධකරුවන් විසින් මෙහෙයවා ඇති බවට පොලීසිය සැක පළ කර තිබේ.
සිද්ධිය සම්බන්ධව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශණ පවත්වනු ලැබේ.

