ඊයේ (08) සවස් කාලයේ හපුතලේ පොලිස් වසමේ පිටපොල ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් බොරලන්ද රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු මියගොස් ඇති බවට හපුතලේ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 65ක් වූ පිටපොල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරුට අයත් වගා භූමියක් තුළදී මෙම ඝාතනය සිදුවී ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
ඝාතනයට හේතුව හා සැකකරුවන් කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
හපුතලේ පොලිසිය විසින් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.

