අහංගම, තිත්තගල්ල ප්රදේශයේ නිවසක් තුළදී කාන්තාවන් දෙදෙනෙකු තියුණු ආයුධ ප්රහාරයකට ලක්ව ඇත.
මෙම සිද්ධිය පිළිබඳ පොලිසියට ලද තොරතුරක් මත කඩිනමින් අදාළ ස්ථානයට ගිය අහංගම පොලිසියේ නිලධාරීන් නිවස තුළ බරපතළ තුවාල ලබා සිටි කාන්තාවක් දෙදෙනා රෝහල්ගත කර තිබේ.
කෙසේවෙතත් තුවාලකාරියන් දෙදෙනා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් කාන්තාවක් මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 80 හැවිරිදි අහංගම, තිත්තගල්ල ප්රදේශයේ පදිංචි කාන්තාවකි.
පොලිසිය සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ සැකකරු තියුණු ආයුධයක්ද සමඟින් අත්අඩංගුවට ගත් බවය.
සැකකරු 52 හැවිරිදි තිත්තගල්ල, අහංගම ප්රදේශයේම පදිංචිකරුවෙකි.
අපරාධයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වැඩිදුර විමර්ශන අහංගම පොලිසිය විසින් සිදුකරනු ලැබේ.

