ඊයේ (10) දින මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම සඳහා යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් සහ ජීව උණ්ඩ 06ක් සමඟ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම සිද්ධියට ආධාර අනුබල ලබාදුන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු ද එහිදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
හැදල, වත්තල ප්‍රදේශයේ පදිංචි අන්තෝනි චාල්ස් නොහොත් ‘චාලා‘ නමැති ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම සඳහා මොවුන් පැමිණ ඇති බවට කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
වෙඩික්කරු බවට හඳුනාගත් පුද්ගලයා හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන හිටපු යුද හමුදා සාමාජිකයෙකු බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන ලදි.
අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් තිදෙනා කැලණිය සහ මට්ටක්කුලිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන් වේ.
කොළඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.

