ඊයේ රාත්රි 7.54ට පමණ දෙහිවල මුහුදු මාවත ප්රදේශයේ හෝටලයක් තුළ සිදූවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර සිටි එහි හිමිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අංක 59/6 ,පීටර්ස් පටුමග, මුහුදු බඩ පාර, දෙහිවල ලිපිනයේ පිහිටි Sea Shark හෝටලයට පැමිණ මත්පැන් පානය කරමින් සිටි දෙදෙනෙකු එම හෝටලයේ හිමිකරු වන B.A. සනත් (සනා මාමා) නැමැත්තා ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබේ.
එහිදි එම හිමිකරුගේ හිසට වෙඩි වැදී ඇති අතර වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ එහි හිමිකරු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර පසුව ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.
වෙඩිතැබීම සිදුකළ සැකකරුවන් ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පලාගොස් ඇති බවට පොලීසිය සැක පළ කර ඇත.
මෙම වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර වැඩිදුර විමර්ශන දෙහිවල පොලීසිය විසින් සිදු කරනු ලැබේ.

