අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 320ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, ගොතටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (24) දින අත්අඩංගුවට ගෙන ඇත.
රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 40 වන වියේ පසුවන සැකකරු ගොතටුව මාදින්නාගොඩ පාලම අසලදී අත්අඩංගුවට ගෙන ඇත.
ගොතටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගොතටුව පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.