පසුගිය 24 වැනි දින මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව මීටියාගොඩ පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා විමර්ශන කටයුතු සිදුකරන සැකකරුවෙකුගෙන් අනාවරණය වූ තොරතුරු මත විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සොයා ගැනීමට මීටියාගොඩ පොලීසිය සමත්ව තිබේ.
සැකකරු රැඳවුම් නියෝග මත රඳවා සිදුකරන ලද විමර්ශනයේදී දැනට විදෙස් ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් කිහිපදෙනෙකු සමග සබඳතා පවත්න බවට තොරතුරු අනාවරණය වී ඇති අතර ඝාතනයන් කිහිපයක වෙඩික්කරු ලෙස ක්‍රියා කර ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබේ.
ඒ අනුව 2024.03.11 අම්බලන්ගොඩ ප්‍රදේශයේදී ටී56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තවත් තිදෙනෙකුට තුවාල සිදු කිරීම.
2025.05.03 වන දින මීටියාගොඩ පොලිස් වසමේ ටී56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීම.
2025.11.28 දින මීටියාගොඩ පොලිස් වසමේ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනයට තැත් කිරීම ආදි සිදුවීම්වලට සැකකරු සම්බන්ධ බවට තොරතුරු අනාවරණය කර තිබේ.
සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන මීටියාගොඩ පොලීසිය විසින් සිදු කරනු ලැබේ.

