පසුගිය දෙසැම්බර් 22වනදා වෙඩි තබා ඝාතනය කෙරුණු අම්බලන්ගොඩ වෙළෙඳ ප්රදර්ශනාගාර කළමනාකරු හිරාන් කෝසල ඝාතනය සිදුකළ වෙඩික්කරු සහ යතුරුපැදිකරු හිටපු පොලිස් ප්රධානියෙකුට මහනුවර අංකුඹුර ප්රදේශයේ පිහිටි නිවසක රැඳීසිටිමින් ඝාතනය මෙහෙයවා ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.
පොලිස් කණ්ඩායම් එම නිවසට යන විටත් සැකකරුවන් පලාගොස් තිබූ බව ද වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් කිහිපයක් විමර්ශන සිදුකළ අතර එහිදී පොලිස් විශේෂ කාර්ය බලකාය කිරිබත්ගොඩදී සහ මාකොළදී පසුගියදා පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත අතර එම සැකකරුවන් පවසා ඇත්තේ, වෙඩික්කරුවන්ට පලායාමට ප්රවාහන පහසුකම් ලබාදුන්නේ සහ ඔවුන් සම්බන්ධීකරණය කළේ තමන් බවය.
ඒ විදෙස්ගතව සැඟව සිටින කරන්දෙණිය සුද්දාගේ උපදෙස් මත බවටත් හෙළි වී ඇත.
පසුව පොලිස් විශේෂ කාර්ය බලකාය හා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය එක්ව සිදුකළ විමර්ශනයේදී තවත් තිදෙනෙක් අත්අඩංගුවට ගනුලැබූ අතර ඝාතනයට ගිනිඅවි ලබාදුන් කාන්තාව ද හික්කඩුව ප්රදේශයේදී ඝාතනය සඳහා භාවිත කළ බව කියන පිස්තෝලය හා රිවෝල්වරය ද සමග අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්රශ්නකිරීම්වලදී හෙළි වී ඇත්තේ වෙඩික්කරු සහ යතුරුපැදිකරු නුවර, අංකුඹුර පිහිටි අදාළ සුඛෝපභෝගී නිවසකට පසුගිය 07 වැනිදා පැමිණ 21 වැනිදා දක්වා එහි නවාතැන්ගෙන සිට ඇති බවත් දෙසැම්බර් 22 වැනිදා අම්බලන්ගොඩට පැමිණ අපරාධය සිදුකොට නැවතත් ඔවුන් දෙදෙනා පලාගොස් ඇත්තේද නුවර අංකුඹුර පිහිටි එම සුඛෝපභෝගී නිවසටම බවත්ය.
මෙම ඝාතනය කොස්ගොඩ සුජී, ගොත අංසක, කරන්දෙණිය සුද්දා, ඔහුගේ මල්ලි වන කරන්දෙණිය රාජු, දොලා, දසුන් මානවඩු යන අපරාධකරුවන් සියලුදෙනා එක්ව සිදුකර ඇති බව සිදුකළ පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.
කෙසේවෙතත් ඝාතනය වූ කෝසල නමැත්තා කොස්ගොඩ සුජීගේ ප්රධානතම ප්රතිවාදියා වන ඌරගහ මයිකල් නැමැත්තා සමඟ සමීප සබඳතා පැවැත්වීම ඝාතනයට හේතුව බව පොලිසිය සඳහන් කර ඇත.


1 Comment
You have made some decent points there. I looked on the net to learn more about the issue and found most people will go along with your views on this site.