අද උදෑසන දකුණු මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සමඟ නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන විත් තිබේ.
නාවික හමුදාව සඳහන් කළේ, අද උදෑසන 6.00 පමණ මෙම යාත්‍රාව එම ධීවර වරායට ළඟා වූ බවය.
බහුදින ධීවර යත්‍රාවේ සිටි පුද්ගලයින් 05 දෙනෙකු ද නාවික හමුදා භාරයට ගෙන ඇති අතර අදාළ යාත්‍රාවේ තිබී සොයාගත් මලු 11ක බහා තිබී ඇත්තේ මත්ද්‍රව්‍ය අයිස් හා හෙරොයින් බවටද හඳුනාගෙන තිබේ.
මෙම යාත්‍රාව ගන්දරින් පිටත්ව ගොස් තිබූ බව මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
මත්ද්‍රව්‍ය තොගයේ ප්‍රමාණය හා වටිනාකම මේවනතෙක් ගණනය කර නොමැති බව සඳහන්ය.

