ඊයේ (16) රාත්රී 11.40ට පමණ මතුගම ප්රදේශයේ පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඇති බවට වාර්තා වේ.
මතුගම, ඉහළ කොටස, වෝගන්වත්ත ප්රදේශයේ පදිංචිව සිටි 41ක් හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ඝාතනයකට ලක්ව ඇත.
පෞද්ගලික ආරවුලක් දුරදිග යෑමෙන් මෙම ඝාතනය සිදුකර ඇති අතර ඝාතනය සිදුකළ පුද්ගලයා මේ වනවිට ප්රදේශයෙන් පලා ගොස් ඇති අතර, ඉදිරි විමර්ශන කටයුතු මතුගම පොලීසිය විසින් සිදුකරනු ලැබේ.
ඝාතනය සිදුකළ බවට සැක 36 හැවිරිදි දොඩංගොඩ ප්රදේශයේ පදිංචිකරුගේ නිවසට අද (17) උදෑසන වනවිට 50 දෙනෙකු පමණ පැමිණ ගිනි තබා විනාශ කර ඇතැයිද වාර්තා වේ.

