අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 750ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (24) දින අත්අඩංගුවට ගෙන ඇත.
මාකෙවිට ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 32 වන වියේ පසුවන සැකකරු කඩවත ගනේමුල්ලට හැරෙන හන්දිය අසලදී අත්අඩංගුවට ගෙන ඇත.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත ගම් සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.