හෙරොයින් ග්‍රෑම් 27 මිලිග්‍රෑම් 300ක් සන්තකයේ තබාගෙන සිටි ප්‍රසිද්ධ හිමිනමක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් පසුගිය (16) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අලව්ව පොලිස් වසමේ විහාරස්ථානක වැඩ විසූ වයස අවුරුදු 38ක් වන ප්‍රසිද්ධ කවිබණ දේශකයකු වන ගනේකන්දේ චන්දරතන හිමි බව පොලීසිය විසින් සඳහන් කර ඇත.
පොලීසිය විසින් එම හිමිනම අත්අඩංගුවට ගන්න විට හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 300ක් සන්තකයේ තිබී ඇත.
එමෙන්ම අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 29 හා 31 වියෙහි පසුවන්නන් වන අතර, ඔවුන් සතුවද හෙරොයින් ග්‍රෑම් 17ක් තිබී ඇත.
මෙම සැකකරුවන් ඉතාලියේ සැගව සිටින මිනුවන්ගොඩ නේවි දිනේෂ් නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු වාර්තා වේ.
මෙම හිමිනම මත්ද්‍රව්‍ය පැකට් සිවුරේ පාටට සකසා වෙලඳාම් කර ඇති බව පොලීසිය විසින් සඳහන් කර ඇත.
අත්අංගුවට ගත් තිදෙනා ඊයේ (17) පොල්හවෙල අධිකරණය වෙත ඉදිරිපත්කළ අතර, එහිදී දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර දී තිබේ.

