හෙරොයින් ග්‍රෑම් 15 මිලිග්‍රෑම් 450ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, කොළඔ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ෂණ කාර්යංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (23) දින අත්අඩංගුවට ගෙන ඇත.
කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 55 වන වියේ පසුවන සැකකරු කොම්පඤ්ඤවීදිය ස්ටුවට් වීදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
කොළඔ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ෂණ කාර්යංශයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන කොම්පඤ්ඤවීදිය පොලීසිය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.